27 December 2024


ජනපතිට ඉන්දියාවෙන් ආ සුබ පැතුම



මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබ පතන බවයි.

එමෙන්ම දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බවද ඔවුන් දන්වා තිබෙනවා.

(colombotimes.lk)