25 May 2025


මධ්‍යම කඳුකරයට තද වැසි - ප්‍රධාන මාර්ගයක් නායයයි



මධ්‍යම කඳුකරයට බටහිර බෑවූම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගහේන පේරගොල්ල ප්‍රධාන මාර්ගයේ කොටසක් ඊයේ (24) නාය ගොස් තිබෙනවා.

 ප්‍රදේශවාසීන් සඳහන් කළේ එම මාර්ගයේ තීනියාගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ බෝක්කුවක් සමඟ කාපට් මාර්‌ගයේ කොටසක් නායගොස් ඇති බවයි.

ඒ අනුව එම මාර්‌ගයේ සැහැල්ලු වාහන හැර බර වාහන ධාවනය ඊයේ සිට නතර වී තිබෙනවා.
 
(colombotimes.lk)