ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහනේ තුන්වන සමාලෝචනයට එහි නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයේ කළේ විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය සඳහා අද (23) අනුමැතිය ලබා දුන් බවයි.
ඒ අනුව විධායක සමාලෝචනය අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 333ක පමණ ප්‍රවේශයක් ලැබෙන අතර එම විධිවිධාන යටතේ ලබාදී ඇති මුළු IMF මූල්‍ය ආධාරය ඩොලර් මිලියන 1,333ක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)