ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කර ඇති විස්තීරණ ණය පහසුකමේ තුන්වන ණය වාරිකය නිදහස් කිරීමට අදාළ මූලික එකඟතා අද (23) ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර්ගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළව ප්රවෘත්ති සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි.
එම වාරිකය නිදහස් කිරීමට අදාළ සමාලෝචනය ඊයේ (22) අවසන් වුණා.
විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය මුදා හැරීම සඳහා කෙරෙන සමාලෝචනය සඳහා පසුගිය 17 වනදා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)