colombotimes.lk
සිංහල | English

02 May 2024

IPL 2024 | Mumbai Indians කණ්ඩායමට තියුණු ජයක්



Mumbai Indians කණ්ඩායම සහ Punjab Kings කණ්ඩායම අතර ඊයේ (18) Mullanpur හීදි පැවැත් වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 33 වැනි තරගවාරයේ  Mumbai Indians කණ්ඩායම ලකුණු 9ක තියුණු ජයක් හිමි කර ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් Punjab Kings කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 192ක් රැස් කළා.

එහිදී Suryakumar Yadav ලකුණු 78ක් සහ Rohith Sharma ලකුණු 36ක් ලබා ගත්තා.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Punjab Kings කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 183ක් පමණයි.
(colombotimes.lk)