09 January 2025


ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන්ගේ නෛතික කටයුතු ඇරඹෙයි



මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් 1042 දෙනෙක්, පක්ෂ ලේකම්වරුම් සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන උධෘත සකස් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ උධෘත සකස් කර නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කරන ලෙසට දැනුම් දී තිබෙනවා.
 
මීට අදාළ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,  



(colombotimes.lk)