colombotimes.lk
සිංහල | English

14 October 2024


අයහපත් කාලගුණයත් සමඟ බෝවන රෝගවල වර්ධනයක්



දිවයින පුරා මේ වන විට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පාචනය, ඩෙංගු සහ මී උණ වැනි රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ජල ගැලීම්වලට ලක්වූ ප්‍රදේශවල දරුවන්ට පිරිසිදු ජලය සහ ආහාර ලබාදෙන ලෙසයි.

එමෙන්ම මදුරුවන් බෝ වන ස්ථාන අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

(colombotimes.lk)