colombotimes.lk
සිංහල | English

18 October 2024


ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ ඔහු එම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බවයි.

මීට අමතරව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්වද හමුවීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ එරට ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක්ද දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)