02 January 2025


අසර්බයිජාන ජනපති රුසියාවෙන් වන්දි ඉල්ලයි



අසර්බයිජාන මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන ජනාධිපති ඉලම් අලියෙව් රුසියාවෙන් වන්දි ඉල්ලා තිබෙනවා.

ඒ එම ගුවන් යානයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට විමර්ශනවලින් අනාවරණය වීමත් සමඟයි.

අනතුරින් තුවාල ලැබූ මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයන්ට මෙන්ම අනතුරින් හානි වූ භූමියට රුසියාව වන්දි ගෙවිය යුතු බව ඔහු අවධාරණය කළා.  

අසර්බයිජාන ජනාධිපතිවරයා සඳහන් කළේ ඊට වගකිවයුතු සියලුදෙනාට දැඩි දඩුවම් ලබා දිය යුතු බවයි.

පසුගිය බදාදා අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී  අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 38 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

(colombotimes.lk)