26 May 2026

logo

ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන්ගේ විමර්ශන අවසන්



මහ මැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් සම්බන්ධ පොලිස් විමර්ශන මේ වන විට අවසන් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ඊට අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට සූදානම් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි නඩු වාරයේදී ඔවුන්ට අධි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)