19 April 2025


දකුණු කොරියාවේ ගුවන් අනතුර ජීවිත 120ක් බිළිගනියි



දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පුද්ගලයින් 181ක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වී තිබෙනවා.

ඒ ගුවන් යානය ගොඩ බැස්සවීමේදී ධාවන පථයෙන් ඉවතට පැනීම හේතුවෙන්.

දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කළේ මේ වන විට අනතුරින් පුද්ගලයින් 120ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ නමුත් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)