02 January 2025


ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින්



77වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න සඳහන් කළේ රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි එය අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව පැවැත්විය යුතු බවයි.

ස්වදේශ කටයුතු ශ්‍රවනාගාරයේදී අද (30) පැවති 77වන ජාතික නිදහස් දින සැමරුම් ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෙර වසරේදී නිදහස් දින සැමරුම් දින උත්සවය සඳහා අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 107ක් වියදම් කර ඇති බැවින් මෙවර නිදහස් දින සැමරුම් උත්වසය එම වියදම් හැකිතාක් අවම කර ගනිමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවයි.

(colombotimes.lk)