12 May 2025


අනවසරයෙන් මෙරටට ඇතුළුවූ ඉන්දීය බහුදින යාත්‍රාවක් අල්ලයි



මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

අද අළුයම් කාලයේදී නැගෙනහිර නාවික විධානය මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව නාවික හමුදාව ප්‍රකාශ කළා. 
 
එම යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයන් දස දෙනෙකු සහ යාත්‍රාව ත්‍රිකුණාමලය වරායට රැගෙනවිත් ඇති බව සඳහන්. 
 
ඒ අනුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත මෙම පිරිස භාරදීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාව අනාවරණය කළා.
(colombotimes.lk)