පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග කියා සිටියේ එක් එක් පළාත්වල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කර මෙම විමර්ශන ආරම්භ කිරීම සිදු කරන බවයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන්ගේ ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා පොලීසියට ලබා දුන්නා.
අදාළ වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයන් ඇතුළු 1040දෙනෙක්ට එරෙහිව මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලීසියට කරුනු වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)