colombotimes.lk
සිංහල | English

12 May 2024

රජයෙන් ලබා දුන් සහල් ගැන පරීක්ෂණ




රජය විසින් නොමිලේ බෙදා හරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රටේ පවතින ආර්ථික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම සහල් සහනාධාරය ලබා දීමට රජය පසුගියදා තීරණය කළා.

එම වැඩසටහන අනුව පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදා දෙන ලද සහල් තත්වයෙන් බාල බවට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අදාළ සහල් මුදලට අලෙවි කිරීමක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එලෙස එල්ල වන චෝදනා පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව සොයා බලන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරන්න වෙත උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)