27 December 2024


ජුලම්පිටියේ අමරේගේ මරණීය දණ්ඩනය ගැන තීරණයක් ගනියි



ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ජුලම්පිටියේ අමරේ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) තහවුරු කළා.

අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන් යන විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

2012 ජුනි 15 වනදා කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙක් මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා 5ක් යටතේ නීතිපතිවරයා ජුලම්පිටියේ අමරේට එරෙහිව නඩු ගොනු කර තිබුණා.

(colombotimes.lk)