ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබෙනවා.
වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බවයි.
නව මගී පර්යන්තය ඉදිකිරීමත් සමඟ 2028 වසර වන විට කටුනායක ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව මිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)