දිවයිනේ පවතින අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ දිස්ත්රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල, ඇල්ල හා පස්සර ප්රදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගාල්ල දිස්ත්රික්කයේ බද්දේගම, ඇල්පිටිය හා නාගොඩ ප්රදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල හා යටියන්තොට ප්රදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්රික්කයේ පිටබැද්දර හා නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව ප්රදේශීය ලේකම් කොට්ඨාසයටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්රික්කයේ ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල හා කහවත්ත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)