29 December 2024


ඖෂධශාලා 60ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි



පසුගිය මාස 5ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර  නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ සඳහන් කළේ ඖෂධවේදියෙක් නොසිටීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

(colombotimes.lk)