27 December 2024


මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙයි



රිය අනතුරක් සිදුකොට පුද්ගලයෙක්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළා.

ඔහු නීතිඥවරයෙක් මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක පසුගියදා (26) නියෝග කළා.
 
(colombotimes.lk)