27 December 2024


මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන යළි වැඩ භාර ගනියි



මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (20) සිය ධූරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)