12 May 2025


ඇන්ටාක්ටිකාවේ කලාප රැසක් කුරුලු උණෙන් වැසෙයි



ඇන්ටාක්ටිකාවේ කලාප රැසක කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

ඒ හේතුවෙන් එහි පවතින පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
පසුගිය මාසයේදී ඇන්ටාක්ටිකාව පුරා මෙම කුරුලු උණ රෝගය එනම් H5N1 වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා.
 
එතැන් පටන් එය මුහුදු ලිහිණියන් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් සත්වයින් අතර ද මෙම වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත් මෙය මාරාන්තික තත්වයක් වීමේ අවදානමක් පවතින බවයි විද්‍යාඥයින් අනාවැකි පළ කර ඇත්තේ.
(colombotimes.lk)