colombotimes.lk
සිංහල | English

20 May 2024

මුජිබර් අද පාර්ලිමේන්තුවට



පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් අද (10) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඔහු සඳහන් කළේ උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව තමා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිත බවයි.

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)