colombotimes.lk
සිංහල | English

18 September 2024


බංගලාදේශ මැතිවරණය ගැන අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකගෙන් දැනුම්දීමක්



මහ මැතිවරණයක් පවත්වා බංගලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහි කිරීමට ඉක්මනින් කටයුතු කරන බව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මොහොමඩ් යූනුස් ජාතිය අමතමින් සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට රටේ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් රට ප්‍රතිසංස්කරණය වනතුරු මැතිවරණයක් නොපැවැත්වීමට තීරණය කර තිබෙන බවයි.
 
ඒ වෙනුවට පුද්ගලයන් 6 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභා 6ක් පිහිටුවීම කෙරෙහි අන්තර්වාර රජයේ අවධානය යොමුව තිබෙනවා.

අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තව දුරටත් සඳහන් කළේ මැතිවරණයකට පෙර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කළ යුතු බවයි.

(colombotimes.lk)