ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (28) නවදිල්ලි නුවර කොංග්රස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ හිටපු ඉන්දීය අග්රාමාත්ය ආචාර්ය මන්මෝහන් සිංගේ දේහයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන්.
එහිදී නාමල් රාජපක්ෂ ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා හිටපු ඉන්දීය අග්රාමාත්යවරයාගේ කැපී පෙනෙන දායකත්වය ඉස්මතු කළා.
(colombotimes.lk)