පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන බවයි.
මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක්ද, දූෂණ විරෝධී පනත මඟින් ස්ථාපිත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලියන් පිළිබඳවද මෙහිදී දැනුවත් කිරීම සිදු වනවා.
(colombotimes.lk)