මහජන බැංකුවේ කෑගල්ල ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය සහ කෑගල්ල ශාඛාව නව සිව්මහල් ගොඩනැගිල්ලක ඉදිකර තිබෙනවා.
මෙය පිහිටා තිබෙන්නේ කෑගල්ල, කොළඹ-නුවර පාර, අංක 380 යන ස්ථානයේයි.
මෙම නව ගොඩනැගිල්ල මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා විසින් උත්සවාකාරයෙන් විවෘත කර තිබෙනවා.
මෙම නවීන බැංකු සංකීර්ණය ඉදිකිරීමේ අරමුණ වී ඇත්තේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ නවීන බැංකු සේවා රැසක් සැපයීමයි.
ඒ අනුව මෙම පරිශ්‍රයේ ඇති Self Banking Unit (SBU) හරහා ගනුදෙනුකරුවන්ට සතියේ දින 7ම දවසේ පැය 24 පුරාම මුදල් ආපසු ගැනීමට සහ තැන්පත් කිරීමට හැකියාව පවතිනවා.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නාලිකා කළමනාකරණය) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු ආධාර සේවා) ටී. ජී.පී. එස්. කුමාරසිරි, කෑගල්ල ප්‍රාදේශීය කළමනාකාර ජේ. ඩී. ආර්. ඥානතිලක, සහකාර ප්‍රාදේශීය කළමණාකාරවරුන් වන කුමාරි දයානන්ද, එන්. රම්බොඩගෙදර සහ ශාඛා කළමනාකාරිනී චමරි ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් සහභාගී වී තිබෙනවා.