12 May 2025


නව සුළං බලාගාරය විවෘත කරයි



මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කර තිබෙනවා. 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (06) පෙරවරුවේ බලාගාරය විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.
(colombotimes.lk)