27 December 2024


නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළට



දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

එමෙන්ම පානදුගම ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

 
(colombotimes.lk)