colombotimes.lk
සිංහල | English

22 October 2024


කටුනායකට හදිසියේ ගොඩ බැස්සූ යානයේ බෝම්බ නෑ



බෝම්බ බියක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේදී පරික්ෂාවට ලක් කළ ඉන්දීය ගුවන් යානයේ බෝම්බ තර්ජනයක් නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එම සමාගම නිවේදනය කළේ අදාළ මඟීන් හා කාර්යමණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

කටුනායක ගුවන් තොටුපළේදී බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු අංශ කැඳවා එම යානයේ අදාළ සෝදීසිකිරීම් සිදු කර තිබෙනවා.

එහි මඟීන් 96 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් සමඟ මුම්බායි නුවර සිට ලංකාව වෙත පියාසර කරමින් තිබූ අවස්ථාවේදී බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවයේ මුලස්ථානයට ලද තොරතුරක් මත මෙම සෝදීසිකිරීම් සිදු කෙරුණා.


(colombotimes.lk)