12 May 2025


උතුරු කොරියාව තම බලය පෙන්වයි



උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් පියොන්යැන්ග් අගනුවර නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර 300ක් දුරකට එල්ල කර තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුරදී මෙම මිසයිල දියත් කිරීම විශේෂත්වයක්.

පසුගිය දිනවල ඇමරිකානු - දකුණු කොරියානු යුද අභ්‍යාසයක් පැවැත්වුණා.

ඊට ප්‍රතිචාරයක් ලෙස මෙම මිසයිල එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

(colombotimes.lk)