12 May 2025


''ඕපන් ආම්ස් '' ආධාර ගාසා වෙරළට



අත්‍යවශ්‍ය ආහාර රැගත් සයිප්‍රසයෙන් පිටත්වූ ''ඕපන් ආම්ස් ''නෞකාවේ ආධාර තොගය ගාසා තීරයට ගොඩබා තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන ගිය පළමු නෞකාව මෙය වන අතර, මෙම ආහාර ද්‍රව්‍ය ගොඩබා ඇත්තේ තාවකාලිකව ඉදිකළ ජැටියක් ආධාරයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ආධාර තොගයට සහල්, පිටි, රනිල බෝග, ටින් කළ එළවළු ටොන් 200ක් ඇතුළත්.

ඉන්පසු මෙම ආහාර ද්‍රව්‍ය ලොරි රථ 12ක ආධාරයෙන් රැගෙන ගොස් තිබෙනවා.      

(colombotimes.lk)