27 December 2024


ගෑස් සිලින්ඩරයේ අනිත් ජාතික ලැයිස්තු අපේක්ෂකයා නම් කරයි



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකරව පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹී තිබෙනවා.

එම පක්ෂය සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තරුණ නියෝජනයක් අවශ්‍ය බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බොහෝ පාර්ශවවලින් ලැබුණු ඉල්ලීම් සලකා බලා කංචන විජේසේකරගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යෝජනා කිරීමට තීරණය කර ඇති බවයි.
 
මහ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02ක් හිමිවුණා.

ඉන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යැවීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා කටයුතු කළා.

(colombotimes.lk)