රට මුහුණ දෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය ගත් බවයි පාකිස්ථාන පුවත් සේවා වාර්තා කළේ.
පාකිස්ථානයේ ජනාධිපති ධූරයට පත් වූ අසීෆ් අලී සර්දාරි ද සිය ධූරයේ දිවුරුම් දෙමින් පවසා ඇත්තේ, ජනාධිපතිවරයාට හිමි වැටුප හෝ දීමනා කිසිවක් හෝ තමන් ලබා නොගන්නා බවයි.
(colombotimes.lk)