27 December 2024


පාර්ලිමේන්තුව යළි කැඳවන දිනය ප්‍රකාශයට පත් කරයි



පාර්ලිමේන්තුව යළි කැඳවන දිනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එළඹෙන දෙසැම්බර් 03 වනදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි කැඳවීම නියමිත බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

දසවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) පැවති අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් පසුව සභාව කල් තැබීම සිදු වුණා.

(colombotimes.lk)