නිල්ගල වනය රක්ෂිතයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ (02) සිදුවී තිබෙනවා.
ඒ ජගත් පරිසර දිනයට සමගාමීවයි.
එහි සමාරම්භක උත්සවය බිබිල, රතුගල ආදිවාසී ජනඋරුම මධ්‍යස්ථානයේ පවත්වා තිබෙනවා.
මෙම වනාන්තරයේ ප්‍රධානතම වන සංරක්‌ෂණ කොටස බිබිල අඩවියයි.
මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්‌ටු 4ක් මෙම වනයට අයත් වනවා.
ඒ අනුව නිල්ගල ප්‍රදේශයට හෙක්ටයාර 40683 ක රක්ෂිතයක් හිමි වන බවයි වාර්තා වන්නේ.