colombotimes.lk
සිංහල | English

22 October 2024


අයිස් සමඟ පුද්ගලයෙක් පෝරණුකොටුවත්තේදී කොටු වෙයි




ඊයේ (19) අළුයම පෑලියගොඩ පොලිස් වසමේ පෝරණුකොටුවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන පෝරණුකොටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
 
colombotimes.lk