27 December 2024


පිල්ලෙයාන් CIDයෙන් පිටව යයි



අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටවගොස් තිබෙනවා.

ඔහුගෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු පැය 05කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රැදී සිට තිබෙනවා.

(colombotimes.lk)