colombotimes.lk
සිංහල | English

21 October 2024


ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ පොලීසියෙන් දැනුම්දීමක්



ව්‍යාජ දුරකථන ඇමතුම් මඟින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්වී ඇති බවට පවසමින් ඊෂිකෑෂ් ක්‍රමයට වංචනික ලෙස මුදල් ලබාගන්නා බවයි.

ඒ සම්බන්ධව පොලීසිය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,



(colombotimes.lk)