27 December 2024


ජනපති අනුරගේ ජන්ම දිනය අදයි



ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා.

1968 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබූ ඔහු මේ වන විට 56 වන වියේ පසුවනවා.

ඔහු තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීමෙන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විද්‍යා ගණිත අංශයෙන් හදාරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

1992 වර්ෂයේදී කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වූ ඔහු 1995 වර්ෂයේදී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.
 
එමෙන්ම 1987 වසරේදී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩ නැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙක් ලෙස දායකත්වය ලබාදුන් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙක් බවටද පත්වුණා.
 
2019 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබුවා.

එමෙන්ම පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 09වන විධාකය ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වුණා.  

(colombotimes.lk)