colombotimes.lk
සිංහල | English

22 October 2024


ජනපති අද හාල් මෝල් හිමියන් හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ හාල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (22) පැවැත්වෙනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන් සඳහන් කළේ නාඩු සහල් හිඟය පිළිබඳ එහිදි සාකච්ඡා කරන බවයි.

වෙළෙඳපොලේ නාඩු සහල් මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙනවා.

එමෙන්ම ඇතැම් වෙළෙඳුන් නාඩු සහල් කිලෝගෑම් එකක් රුපියල් 240ක වැනි මිලකට අලෙවි කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වෙ⁣ළෙඳුන් පෙන්වා දෙන්නේ වෙළඳපොල තුළ නාඩු සහල්වල හිඟයක් පවතින බවයි.

(colombotimes.lk)