01 April 2025


දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට



යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ ගාස්තු ඉහළ දැමීම අප්‍රේල් මස පළමුවන දින සිට බලපැවැත්වෙන බවයි.

යම් දෙපළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කලපරිච්ඡේදය සඳහා අධි මිලද ඇතුළුව එකතු කළ බද්ද හෝ කුලිය සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකිරීම මේ වන විට සිඳුවනවා.

එමෙන්ම අදාළ මුද්දර ගාස්තුව අප්‍රේල් 01 වන දින රුපියල් 20ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

2006 වර්ෂයෙන් පසුව මෙම මුද්දර ගාස්තුව සංශෝධනය වන පළමු අවස්ථාව මෙය වනවා.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ කෙසේවෙතත් පාරිභෝගික ණය පනතේ එළැඹ ඇති සින්නක්කර ගිවිසුමක් යටතේ ගෙවිය යුතු මුළු වටිනාකමෙහි සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා අය කරනු ලබන මුද්දර ගාස්තුව සංශෝධනය නොවන බවයි.

ඒ අනුව රුපියල් 10ක් වන අදාළ මුද්දර ගාස්තුව අඛණ්ඩව ක්‍රියාත්මක වබ බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)