සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ උත්සව කාලය සඳහා ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
මෙය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර ලබන 9වනදා සිට 13වනදා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ අවුරුදු අවසන් වීමෙන් පසු ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට අප්‍රේල් මස 16වනදා සිට 20වනදා දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)