මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ප්‍රකාශ කළා.
ඒ කොළඹ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදීයි.
දිනකට හෘද රෝග තත්ත්වයන් 175 - 200ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඔහු සඳහන් කළේ නිවැරදි ආහාර පිළිවෙත් සහ ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතුවක් බවයි.
(colombotimes.lk)