රුසියනු ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ වන විට සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 60ක් ප්‍රකාශයට පත් වී අවසන් අතර එහිදී සියයට 87ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට පුටින්ට හැකියාව ලැබී තිබෙනවා.
ඒ අනුව තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබ වීමට පුටින්ට හැකියාව ලැබෙන බවයි සඳහන් වන්නේ.
රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වනවා.
පසුගිය 15 වැනිදා රුසියන් ජනාධිපතිවරණය ආරම්භ වූ අතර එය ඊයේ (17) අවසන් වුණා.
(colombotimes.lk)