නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ඊයේ (18) ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කළා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන ඊයේ (18) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පත් කිරීම නීත්‍යානුකූල නොවන බවයි.
කෙසේ වෙතත් ඊයේ (18) එම පෙරමුණ නියෝජනය කරන පාර්ශව කිහිපයක්ම ඔහුගේ නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතු කළා.
එහිදී අසාද් සාලි කියා සිටියේ රවී කරුණානායකගේ නිවස වටලා මෙම තීන්දුව යළි හරවා දැමීමට කටයුතු කළ යුතු බවයි.
එමනිසා ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මත මෙලෙස පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)