27 December 2024


මහ මැතිවරණයේ ප්‍රතික්ෂේපිත ඡන්ද ලක්ෂ 06 ඉක්මවයි



මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667,240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 17,140,354 ලෙසයි.
 
ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246ක්.
 
ඒ අතරින් වලංගු ඡන්ද සංඛ්‍යාව 11,148,006ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240ක් වනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය ලෙස මෙම මැතිවරණය හැඳින්විය හැකි බවයි.

(colombotimes.lk)