ලෝක වෙළෙඳපොලෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා.
රුසියාව සිය බොරතෙල් සැපයුම ඉහළ නැංවීමට තීරණය කිරීමත් සමඟ ජෙට් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු වීම, වෙළෙඳපොළ කටයුතු මන්දගාමී වීම හේතුවෙන් බොරතෙල් මිල අඩු වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.74 දක්වා ද WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.03ක් ලෙස ද දක්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, රුසියාව මාර්තු මාසයේ සිට සිය බොරතෙල් අපනයනය දිනකට බැරල් 200,000 කින් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.
(colombotimes.lk)