විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් අතර හමුවක් ඊයේ (22) කොළඹදී පැවැත්වුණා.
එහිදී ඔහු කියා සිටියේ වර්තමානය වන විට ජනවරමකින් බිහි වූ රජයක් සහ ජනාධිපතිවරයෙක් සිටින බැවින් හිටපු රජය අත්සන් කළ IMF ගිවිසුම වෙනස් කර ජනතාවාදී ගිවිසුමකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු විය යුතු බවයි.
මෙම හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Katsiaryna Svirydzenka ඇතුළු පිරිසක් එක්ව සිටියා.
(colombotimes.lk)