27 December 2024


ඉරාන ජාතිකයන් 7කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙයි



2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයන් 07 දෙනෙක්ට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද විසින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබූ අතර එම නඩුව අද (28) විභාගයට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)